
දකුණුදිග පිලිපීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවූ ගං වතුරින් සහ නායයෑම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් රැසක් අවතැන්ව සිටිනවා. ගංවතුරෙන් පුද්ගලයින් ලක්ෂ 3 ක් පමණ දිවි ගෙවන කොටබාටෝ නගරයට පිවිසීම සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්.