Lanka Latest news site (6)

ඖෂධ 160ක් හිඟයි

Lanka Latest news site (6)

 

හිඟ ඖෂධ ගැන හෙළිදරව්වක්

මෙරටට අත්‍යවශ්‍ය කාණ්ඩයේ ඇති ඖෂධ වර්ග 383 අතරින් මේ වනවිට ඖෂධ 160ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ අද දෙරණ ‘බිග් ෆෝකස්’ සංවාදයට අද (28) පෙරවරුවේ එක්වෙමිනි.

හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග ද ඒ අතර වෙයි.

විශේෂඥ වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත් මහතා,

“ඖෂධ 383ක් එක්ක තමයි අපි මේ දවස්වල වැඩ කරන්නේ. මේ ඖෂධ 383න් අද වෙනකොට ඖෂධ 160ක විතර අඩුවක් තිබෙනවා. මේ වෙලාවේ මෙම ඖෂධ අපිට තිබුණොත් හොඳයි.”

“හෘදයවස්තුවේ අමාරුවට දිවයට තියාගන්න පෙත්තක් තිබෙනවා. මේක තව සති 2ක් වගේ ඇතුළත යම් කොටසක් හරි ගේන්න ඕනේ.”

“තවත් ඖෂධයක් තිබෙනවා හෘදයාබාධවලට දෙන බෙහෙතක්. මේකත් ඉස්සරහට නැතිවීගෙන යන අවදානමක් අපි දකිනවා.”

“තව එන්නතකුත් තිබෙනවා. මෙන්න මේ ඖෂධ 3 ඉතාම කඩිනමින් අපි ගෙන්වාගන්න ඕනේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top