ත්‍රිකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇති කර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 7.5 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඍජු රැකියා අවස්ථා 100ක් හිමිවන අතර ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ මුල්ම ව්‍යාපෘතිය ද මෙයයි. නව ව්‍යාපෘතිය යටතේ වසරකට අපනයන කිරීමට අපේක්ෂා කරන මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 1900ක්.