තිරිඟු පිටි තොග මිල රු.250 දක්වා අඩුවෙලා – ආනයනකරුවන්

Lanka Latest news site (4)

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා අඩුවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසනවා.

ඒ අනුව උත්සව සමයේද මෙම මිල තත්ත්වය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

එසේම විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ඉදිරි කාලය සඳහාද ආනයනය කර ඇති බවත් ඒවා ලැබෙමින් පවතින බවද නිහාල් සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top