තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ගතවුණු වසරක පමණ කාලසීමාව තුළ රට අර්බුද රැසකට ඇදවැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එම මාධ්‍ය වාර්තා පවසන්නේ ඇෆ්ගනිස්තානයේ වැසියන් බහුතරයක් මේ වනවිට ආහාර අර්බුදයකට සහ ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති බවය.
ඒ හමුවේ ඇෆ්ගනිස්තානයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවද Save the Children සංවිධානය පෙන්වා දී ඇතැයි සඳහන්ය.
මේ වනවිට එලෙස හදිසි පෝෂණ අවශ්‍යතා අවශ්‍ය බවට හඳුනාගෙන ඇති දරුවන් සංඛ්‍යාව 4,270 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම සංවිධානය පවසා තිබේ.
තලෙබාන් පාලනය යටතේ මේ වනවිට ඇෆ්ගනිස්තාන වැසියන් මිලියන 23 කට අධික පිරිසක් ආහාර ඇතුලු මූලික අවශ්‍යතා අපේක්ෂාවෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.