රැප් ගායක “Takeoff” ඝාතනය කෙරේ

අමෙරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.
“Takeoff” ලෙස ප්‍රකට එම ගායකයාව හුස්ටන් හීදී වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මිය යන විට ඔහු 28 වැනි වියේ පසුවිය.
ඔහුගේ සැබෑ නම Kirshnik Khari Ballවන අතර ඔහුගේ හිසට හෝ බෙල්ලට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා පෞද්ගලික වාහනවලින් රෝහල් ගත කර ඇති බව ය.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක්  අත්අඩංගුවට ගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top