හැලෝවීන් සැමරුම් අතර සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස්

 

අමෙරිකාවේ හැලෝවීන් සැමරුම් අතර සිදුකළ වෙඩිතැබීම් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

කැන්සාස් සහ චිකාගෝ නගරවල එම සිදුවීම් වාර්තා විය.

සඳුදා රාත්‍රියේ කැන්සාස් නගරයේ නිවෙසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 7දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර ඉන් එක අයෙක් මියගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ ඒ අවස්ථාවේ එම නිවස තුළ 70-100ක් පමණ යෞවනවියේ පිරිසක් හැලෝවීන් සාදයක් පවත්වමින් සිටි බව වාර්තා විය.

නමුත් එම පිරිසට නිවසින් පිටව යන ලෙස නිවෙස් හිමියන් දැන්වීමෙන් අනතුරුව සෙනඟ අතර සිටි අයෙක් වෙඩිතබා ඇති බව සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top