
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු පරිසර හානිය සහ ධීවරයන්ට සිදු වු හානිය වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.
නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරදෙන ලෙසත් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ පරිසර සහ ධීවරයන්ට සිදු වු හානි සම්බන්ධයෙන් ගෙවීම් කිරිමට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.