Lanka Latest news site (16)

රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට

Lanka Latest news site (16)
 

 

බන්ධනාගාර රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් සන්තකයේ තිබී දුම්කොළ සුරුට්ටු 200ක් සහ ගංජා ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 840ක් සමඟ ජංගම දුරකථන 02ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේ දී මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.මෙම අඹු සැමි යුවල වයස අවුරුදු 32 හා කාන්තාව වයස අවු 20ක් වන කොලොන්ගහවැත්ත, උස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලන් දෙදෙනෙක්.

මේ අතර, බන්ධනාගාරගත ව සිටින කළුතර හා පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන ලබන පානදුර චාල්ස්ගේ ගෝලයකු රුපියල් ලක්ෂ 04කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ පෙරේ දා (01) මොරොන්තුඩුව පොලිස් වසමේ තරුණ සේවා මාවත, මහලන්ද, මොරොන්තුඩුව ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින්.එහි දී දැනට බන්ධනාගාරගත ව සිටින කළුතර හා පානදුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන ලබන පානදුර චාල්ස්ගේ ගෝලයකු රුපියල් ලක්ෂ 04කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 7,000ක මුදලක් සහ ජංගම දුරකථනයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.සැකකරු, මහලන්ද, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top