යාපනයේ – නෙල්ලි අඩිකලත්ති කරණවෛ ගම්මානයේ දින 03ක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ අද (04) පෙරවරුවේදියි.
මෙම පුද්ගලයාගේ මළසිරුර හමුව ඇත්තේ එම ප්‍රදේශයේ ම ළිඳක් තුළ පාවෙමින් තිබියදියි.මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියෙහි පසුවන එස්.වියාලේන්ද්‍රන් නමැති එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.දින තුනක සිට තම ඥාතියා ආගිය අතක් නොමැති බව පවසමින් පොලිසියට මියගිය පුද්ගලයාගේ ඥාති පාර්ශ්වය විසින් පැමිණිල්ලක් ද ගොනු කර තිබුණා.ඉන් අනතුරුව පොලිස් විමර්ශන ඇරඹූ අතර, මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.