ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැ යි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ල වී ඇති බව එම වාර්තාවල සඳහන්.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත් අඩු වී තිබෙනවා.මේ අතර, ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත ව තිබුණේ, ඊයේ (03) දිනයේ වූ නමුත් එවැනි මිල සංශෝධනයක් සිදු වුණේ නෑ.අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනු යි ඒ බව දැනුම් දුන්නේ.