පොල් සහ පොල්තෙල් පරිභෝජනයේ අඩුවක්-පොල් පර්යේෂණ ආයතනය

 

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව පොල් සහ පොල්තෙල් පරිභෝජනය අඩුකර ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. වසරකට මෙරට පොල්ගෙඩි මිලියන 1800කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එහෙත්, වසරේ මේ දක්වා කාලය තුල පොල් පරිභෝජනය සිදු කර ඇත්තේ, පොල්ගෙඩි මිලියන 1500ක ප්‍රමාණයක් බව යි එම ආයතනය ප්‍රකාශ කළේ.වෙළඳපොලේ පසුගිය කාලයේ දී පොල් මිලෙහි ද උච්චාවනයන් සිදු වූ අතර එය ද පොල් පරිභෝජනය අඩු වීම කෙරෙහි බලපෑම් එල්ල කර තිබෙනවා.වර්ෂයකට මෙරට ඒක පුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 84ක්. එමෙන්ම, මේ වසරේ පොල් තෙල් ආනයනය කිරීම ද අඩු වී තිබෙනවා.සාමාන්‍යයෙන් වසරකට පොල්තෙල් මෙටි්‍රක් ටොන් 180,000ක් මෙරටට ආනයනය කරන නමුත් මෙම වසරේ මේ දක්වා ආනයනය කර ඇත්තේ මෙටි්‍රක් ටොන් 50,000ක් පමණක් බවයි පොල් පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top