මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා පැවති සාදයට මහ නගර සභාවේ නිලධාරීයෙකු හෝ සේවකයෙකු සම්බන්ධ වී නොමැති බව එහි නගරාධිපති දයාන් ලන්සා පවසනවා.
පසුගිය 2 වනදා රාත්‍රියේ මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සමාජ මාධ්‍යයේ ඡායාරූප සහිත ව පුවත් වාර්තා කර තිබුණා. එමගින් දක්වා තිබුණේ, මෙම සාදය සඳහා මීගමුව මහ නගර සභාවේ නිලධාරීන් සහ සේවකයන් ද සහභාගී වී සිටි බව යි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව මීගමුව නගරාධිපති දයාන් ලන්සා අදහස් දක්වමින් කියා සිටියා.