ශ්‍රී ලාංකිකයින් 300ක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගැනේ

 

සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට ලක්ව බේරා ගත් යාත්‍රාවේ සිටි 303 දෙනා ශ්‍රී ලාංකිකයන් බවට හඳුනාගෙන තිබෙනවා.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ, එම යාත්‍රාවේ සිටි මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ජපාන නෞකාවක් මගින් මේ වනවිට වියට්නාමය වෙත රැගෙන යමින් සිටින බවයි.ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට දැනුම් දී තිබෙනවා.පසු ව කොළඹ සමූද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් වෙත දැනුම් දීමෙන් පසුව යි මෙම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස ඒ අසලින් ගමන් කරමින් තිබූ අදාළ ජපාන නෞකාවක් මගින් බේරා ගෙන ඇත්තේ.

මොවුන් මෙරට සිට වෙනත් රටවල් වෙත ගොස් මියන්මාරය සිට අදාළ යාත්‍රාවෙන් කැනඩාව දක්වා ගමන් කරමින් සිට ඇති බව සඳහන්.අදාළ යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත්‍රාව අතහැර ගොස් ඇති බව ද වාර්තා වනවා. අප මේ පිලිබඳ වියට්නාමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ, මෙම පිරිස වියට්නාමයට රැගෙන ඒමෙන් පසු ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top