බිත්තර මිල ඉහළ දැමීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව අවසර ලබා දුන් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික විජය අල්විස් මේ බව සඳහන් කළේ අභියාචනාධිකරණය හමුවේ ඔවුන් ගොනුකර ඇති නඩුව ඊයේ විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනයට එරෙහිව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇති අතර, ඊයේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කර තිබූ ලිපිගොනු තම දෙපාර්තමේන්තුවට සහ පාරිභෝගික අධිකාරියට ලැබී ඇති බවයි.කෙසේ වෙතත් අවසාන තීරණයකට එළඹීම සඳහා තවත් කාලය අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. නඩුව මේ මස 15 වනදා යළි කැඳවීමට නියමිතයි.කෙසේ වෙතත්, පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් දිවයින පුරා වැටලීම් සිදුකරන බවයි. මේ දක්වා කළ වැටලීම් වලදී වැඩි මිලට බිත්තර අලෙවි කළ පුද්ගලයින් 145 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.