මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 169 ක්.