ක්‍රීඩා ඇමතිත් ධනිෂ්කට දෙහි කපයි

 

ලිංගික බලහත්කාරකම් චෝදනාවක් සම්බන්ධයෙන්, ඔස්ට්‍රෙලියාවේ බන්ධනාගාරයක රඳවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.ට්විටර් පණිවිඩයක් ඔස්සේ මෙම ප්‍රකාශය කරන අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටින්නේ, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් අගතියට පත් පාර්ශවයෙන්, ඔස්ට්‍රෙලියානු රජයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ඔස්ට්‍රෙලියානු ජනතාවගෙන් සමාව අයැද සිටින බවයි.එම පණිවිඩය මගින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් විස්තර කරන්නේ, ධනිෂ්කගේ මෙම ක්‍රියාව වගකීම් විරහිත පුද්ගල ක්‍රියාවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top