නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම වසර 3 කින් කල්දමන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ඒ අනුව 2026 ජනවාරි 01 වනදා දක්වා එය කල් දමන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.
මීට අදාළව 2020 වසරේ පළ කරන ලද ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවද නීති අධ්‍යාපන සභාවට දැනුම්දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.