අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
එසේම ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
වසන්ත මුදලිගේ දින 90ක කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අතර, ඔහු රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.