ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

 

ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප අයදුම්පත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම ඇප අයදුම්පත ලබන දෙසැම්බර් 08වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

dating app ඔන්ලයින් යෙදවුමක් හරහා හමුවූ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට සිඩ්නි නුවර පිහිටි ඇගේ නිවසේදී ලිංගික අතවර සිදුකළ බවට වූ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය නොවැම්බර් 06 වනදා ඔස්ට්‍රේලියා පොලීසියේ අත්අඩංගුවට ගැනුණි.

සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ඉදිරිපත් කළ මුල් ඇප අයදුම්පත පසුගිය නොවැම්බර් 07වනදා සිඩ්නි නුවර ඩවුනින් මධ්‍යම අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තාකරන පරිදි ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ සොලිසිටර්වරයා වෙත අද කරණු දක්වමින් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප අපේක්ෂා කරන අතර ඒ සඳහා දිනයක් වෙන්කර දෙන ලෙසය.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ශ්‍රෙෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ධනුෂ්කගේ ඇප අයදුම්පත සලකා බැලීමට දෙසැම්බර් මස 08වනදා දින සිදුකිරීමට දින නියම කර තිබේ.

සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වැඩිදුරටත් වාර්තාකරන්නේ දෙසැම්බර් 8 වනදා පැවැත්වෙන ඇප අයදුම්පත සලකා බැලීම විනාඩි 30කට සීමා වන අතර එහිදී ධනුෂ්කට ඇප ලබාදීම අවදානමක්ද යන්න පමණක් එහිදී සලකා බැලෙන බවට නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ සොලිසිටර්වරයා පවසා ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top