යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟාවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, මෙරටට පැමිණි දෙවන නෞකාව මෙය බවයි සඳහන් වන්නේ.
මෙම නෞකාව මැලේසියාවේ සිට පැමිණ ඇති අතර එහි යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ මස 28 වනදා තවත් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරට ලඟාවීමට නියමිත අතර ලබන මස පළමු සතියේ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා.