ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරඟ සංචාරයේ දී තරඟ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරන, රටේ සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමේ මෙහෙවරෙහි කොටසක් ලෙස මෙම ප්‍රදානය ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top