සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජෙකොවික්ට යළි ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර

 

කොවිඩ් මර්දන එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් වූ සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ Novak Djokovic ට පනවා තිබූ අදාළ තහනම ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගීවීමට ඔහුට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුලුවීම නීති විරෝධී බවට පවසමින් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top