චීනය ණය දෙන්නෙ නෑ, සහාය දෙනවා – ලින් සොන්ග්ටියන්

  චීනය ණය දෙන්නෙකු නොව සහාය දෙන්නෙකු බව මහජන චීන සමූහාණ්ඩුවේ දූත මණ්ඩල තානාපති කාර්යාලයේ ප්‍රධානී, තානාපති ලින් සොන්ග්ටියන් පවසනවා.ඔහු අවධාරණය කරන්නේ, චීනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ, සමස්ත ලෝකයට ම ආයෝජන පහසුකම් සැලසීමේ අරමුණින් බව යි.චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සම්බන්ධයෙන් කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව අවධාරණය කළා.

Read More

වනිඳු ට හොඳ ඉල්ලුමක්

  මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.

Read More

2023 දී වන අලි සංගණනයක්

  ලබන වසරේදී අලි සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම, වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අවසන් වරට මෙරට තුළ වනඅලි සංගණනයක් පවත්වා ඇත්තේ 2011 වසරේ දී යි. එම කාල වකවානුවේදී 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වූ අතර, නිල නොවන දත්ත අනුව දැනට වන අලි ගහනය 7000කට ආසන්න බවයි වනජීවි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

Read More

ශ්‍රවණාබාධිතයින්ටත් ලයිසන්

  සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා විය. ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙනි. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව…

Read More

ඒ කාලේ විදියට ගැහුවා නම් පළමු වටයෙන්ම එළියේ – ධර්මේ

  තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම්වලට ක්‍රීඩා කළානම් පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය….

Read More

Artemis 1 රොකට්ටුව දියත් කරයි

  නාසා ආයතනයේ ආටෙමිස් 1 (Artemis 1) රොකට්ටුව මීට සුළු මොහොතකට පෙර සඳ වෙත අභ්‍යවකාශගත කර තිබෙනවා. Artemis 1 මෙහෙයුම මීට පෙර නොවැම්බර් 14 වන දින දියත් කිරීමට නියමිතව තිබූ නමුත් නිකොල් කුණාටුව හේතුවෙන් එය කල් දැමීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම මෙහෙයුම ගවේෂණාත්මක මෙහෙයුමක් වන අතර, අනාගතයේදී සඳ මත ස්ථීර මධ්‍යස්ථානයක් පිහිටුවීමට…

Read More

චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩසර් සංචිතෙන් ඉවතට

  ඉන්දීය ප්‍රිමීය ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, කොල්කටා නයිට් රයිඩසර් සංචිතයෙන් මුදා හැරීමට එම කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා. මීට අමරතර ව මෙම සංචිතයෙන් ශිවම් මාව්, පැට් කමින්ස්, සෑම් බිලිංග්ස් සහ මොහොමඩ් නබී යන ක්‍රීඩකයන් ද මූලික සචිතයෙන් මුදා හැරීමට යි කොල්කටා නයිට් රයිඩසර්…

Read More

IPL කණ්ඩායම් රඳවාගත් සහ නිදහස් කළ ක්‍රීඩකයින්

  2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට හා නිදහස් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ඒ අනුව ක්‍රීඩකයින් 163 දෙනෙකු සිය කණ්ඩායම්වල රඳ්වා ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන් කටයුතු කර ඇති අතර ක්‍රීඩකයින් 85 ක් නිදහස් කිරීමටද කටයුතු කර තිබෙනවා. එළඹෙන ඉන්දීය ප්‍රිමියර්…

Read More

මහ කන්නය සඳහා ගොවීන්ට යූරියා පොහොර ලබාදීම අද සිට

    මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත යූරියා ප්‍රමාණයම අද (16) සිට ගොවීන්ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණි අතර අදාළ නෞකාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 22,000 ක් රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව හෙක්ටයාර එකක් සඳහා යූරියා කිලෝ 157…

Read More

ධනංජය ද සිල්වා BPL සමඟ ගිවිසුම්ගත වෙයි

  බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහභාගීවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව Sylhet Strikers කණ්ඩායම සමඟ ධනංජය ද සිල්වා ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ. මීට පෙර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ගිවිසුම්ගතවී තිබුණා.

Read More
Back To Top