ඉදිරි පැය 24 සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

  තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉන් පසුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ…

Read More

වෙඩි වැදී රෝහල්ගත කළ දරුවා මරුට

  වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාළ ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවය. බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට…

Read More

කෝප්‍රල් වරයෙකු සිදු කළ සුපිරි වැඩේ

  ගිරිතලේ 2 වන ශ්‍රී ලංකා හමුදා පොලීසියේ කෝප්‍රල්වරයෙකු විසින් සිදුකළ අගනා ක්‍රියාවක් අපවෙත වාර්තා වී තිබේ. මෙහි කතා නායකයා වන්නේ කෝප්‍රල් NEDP නානායක්කාරයි. පසුගිය 13 වනදා සුපුරුදු පරිදි රාජකාරියේ නිරතව සිටි කෝප්‍රල් NEDP නානායක්කාරට ගිරිතලේ අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රයේ අනුරුව අසල තිබී කාන්තා අත්බෑගයක් හමුවී තිබේ. පසුව ඔහු එම අත්බෑගය සිය භාරයට ගෙන ගිරිතලේ 2…

Read More

ධනුෂ්කට පැනවූ ඇප කොන්දේසි

  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ. අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය. ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ. 31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය…

Read More

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා ප්‍රථම වරට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදෙයි

  නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කර තිබෙනවා. මේ අනුව රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වෛද්‍ය පරීක්ෂණය සඳහා පසුගියදා යොමු වූ අතර ඔවුන් සඳහා ලිඛිත පරීක්ෂණයක් ද පවත්වා තිබෙනවා. එම ලිඛිත පරීක්ෂණය සඳහා 76 දෙනෙකු ඉදිරිපත් වූ…

Read More

ධනුෂ්ක ගුණතිලකට ඇප

  ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා. ධනුෂ්ක ගුණතිලක අද (17) දෙවන වරටත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ දී අධිකරණය විසින් මෙලෙස ඇප ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ධනුෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගර ගතව…

Read More

ධනුෂ්ක අධිකරණය ට

  ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමට නියමිතව තිබේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලැබුණි. ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී…

Read More

අනාරක්ෂිත ළිඳකට වැටී 9 හැවිරිදි දරුවා මරුට

  සෙට්ටිකුලම පොලිස් වසමේ පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 9ක් වූ පිරිමි දරුවෙකි. එම දරුවා මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස…

Read More

අද සිට වෙනස් වෙන පාස්පෝට් ගාස්තු

  විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබේ. ලබන වසර සඳහා වු අයවැය යෝජනාවකට අනුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තු සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක්…

Read More

අදත් තැන තැන වැසි

  සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම්…

Read More
Back To Top