අදත් තැන තැන වැසි

 

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top