ඉදිරි පැය 24 සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

 

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව ද එම නිවේදනයේ දැක්වේ.

ඉන් පසුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උතුරු අක්ෂාංශ 07ත් 20ත් නැගෙනහිර දේශාංෂ 80 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 50 – 55 පමණ වන අතර විටින් පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකිය.

එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වී තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 – 3ත් අතර ඉහළ යා හැකිය.

එමෙන්ම මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top