ගිරිතලේ 2 වන ශ්‍රී ලංකා හමුදා පොලීසියේ කෝප්‍රල්වරයෙකු විසින් සිදුකළ අගනා ක්‍රියාවක් අපවෙත වාර්තා වී තිබේ.
මෙහි කතා නායකයා වන්නේ කෝප්‍රල් NEDP නානායක්කාරයි.
පසුගිය 13 වනදා සුපුරුදු පරිදි රාජකාරියේ නිරතව සිටි කෝප්‍රල් NEDP නානායක්කාරට ගිරිතලේ අවුකන බුද්ධ ප්‍රතිමා පරිශ්‍රයේ අනුරුව අසල තිබී කාන්තා අත්බෑගයක් හමුවී තිබේ.
පසුව ඔහු එම අත්බෑගය සිය භාරයට ගෙන ගිරිතලේ 2 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් මූලස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
එහිදී මූලස්ථාන අණදෙන නිලධාරී මේජර් NPEN නේරංගම මහතාගේ උපදෙස් පරිදි අදාළ බෑගය පරීක්‍ෂාවට ලක්කර තිබේ.
එම අවස්ථාවේදී අදාළ බෑගය විදේශීය කාන්තාවකගේ බවට අනාවරණය වී ඇත.
එම අත්බෑගයේ රුපියල් හත්ලක්ෂයක් පමණ වටිනා විදේශ මුදල්, රුපියල් තුන්ලක්ෂයක් පමණ වටිනා Canon කැමරාවක්, ATM කාඩ්පත් දෙකක්, Power Bank එකක් සහ විදෙස් ජාතික කාන්තාවගේ විදේශ ගමන් බලපත්‍රය ද හමුවී තිබේ.
ඒ අනුව ජැක්ලින් ස්ලින්ඩා නමැති විදෙස් ජාතික කාන්තාව සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව ඇයට යුද හමුදා කඳවුර වෙත වාර්තාකරන ලෙසට දැනුම්දී තිබේ.
පසුව ඇයගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව ඇයට එම වටිනා භාණ්ඩ ද සමඟ අත් බෑගය ලබාදීමට පියවර ගෙන තිබේ.