ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලැබුණි.

ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී තිබේ.

ධනුෂ්ක ගුණතිලක තමාට ලිංගික අතවර කළ බවට සිඩ්නි තරුණියක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඔහු පසුගියදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ජනවාරි 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top