තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා.
චාමිකව ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළේ විනය ගැටලුවක් නිසාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියා.
ඔහුව කිසිම ආකාරයක විනය හේතුවක් මත තරඟාවලියෙන් ඉවත් නොකළ බවත් පසුගිය තරඟවලදී දක්ෂතා අතරට නොපැමිණි නිසා ඔහුව විවේකගැන්වූ බවයි ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.