පළමු ශ්‍රේණියේ දරුවන්ගේ ඉගැන්වීම් රටාවේ වෙනසක්

 

පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි ප්‍රායෝගිකව භාවිතා ඉරීම 2023 වාසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිතයි.

එම වැඩසටහන සඳහා ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරු පුහුණු කිරීමේ වැඩසටහන ඊයේ (18) දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතන‍යේ දී ආරම්භ වුණා.

තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේදී මව්බස අමතරව ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගනීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, එසේ නොවීමෙන් වේගයෙන් ඉදිරියට යන සමාජය තුළ පන්ති පරතරය වඩාත් පුළුල් වී අනාගත රැකියා ලෝකය එක්තරා පිරිසකට පමණක් සීමා වීම නොවැළැක්විය හැකි බවත් මංමාවත් පුරා නිමක් නොමැති අරගල මතුවීම සාමාන්‍ය සංසිද්ධියක් වන බව ආමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේ ම මෙම වැඩසටහන සඳහා, දිවයිනම ආවරණය වන පරිදි පුහුණුකරුවන් 450ක් පමණ තෝරාගෙන ඇති අතර විධිමත් නේවාසික පුහුණුව ලබා දීමෙන් අනතුරුව සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ උගන්වන ගුරුවරුන් එම පුහුණුකරුවන් ලවා පුහුණු කිරීම සුදු කිරීමට අපේක්ෂා කරනවා.

පළාත්බදව සිදුකෙරෙන මෙම ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනින් අනතුරුව 2023 වසරේ පළමු වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවනම්ව භාවිතා කිරීමෙ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සූදානම් කොට ඇත්තෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top