මං බලන්නේ මිනිස්සු දිහා, ගොඩනැගිලි හෝ සමාගම් දිහා නෙමෙයි

 

ලාභ ලබන ආයතන අලෙවි කිරීමෙන් රටට විශාල හානියක් සිදුවන බව බොහෝ දෙනෙකු පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අලෙවි කිරීම සිදුකරන්නේ ඩොලර්වලට බවත්, එමඟින් බිංදුවට තිබෙන මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 03කින්වත් වැඩිවනු ඇති බවයි ජනාධිපතිවරයා පවසා සිටියේ.

එමෙන්ම මෙරට විශ්‍රාම වැටුප් සේවක අර්ථ සාධක අරමුදල 50% කින් අඩපණ වී බාල්දු වී ඇති බවත් මෙමඟින් ඒවා දියුණු කළ හැකි බවත් ඔහු අවධාරණය කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා බලන්නේ ජනතාව දිහා මිස ගොඩනැගිලි දිහා නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top