සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා.
අද (19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සදහන් කළා.
” මේ අය ගිහින් තියෙන්නෙ විසිට් වීසා අරගෙන, විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ඇනුමැතිය අරගෙන නෙමෙයි. සංචාරය සඳහා යන විදියට ගිහිං තියෙන්නෙ, ඩුබායි වලට හරි වෙනත් රටකට ගිහින් එතනින් ඕමාන් වලට ක්‍රොස් ඕවර් කරල තියෙනව. මේ සිද්ධිය සම්බන්ධව වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම බලන්නෙ නැතුව අවශ්‍ය පියවර ගන්නවා. මේ වන විට විසිට් වීසා වලින් යන එක අත් හිටුවා නවත්වන්න අපි පියවර අරං තියෙනවා.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා..