අඩු පීඩන අවපාතය පහව යන ලකුණු – වැසි තත්ත්වයේ අඩු වීමක්

 

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කිරීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි කාලගුණික තත්ත්වය පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පීඩන අවපාතය පහව යාම ඉදිරි පැය 24 තුළ දී, තමිල්නාඩු- පුදුචෙරි වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top