ලෝක පාපන්දු කුසලානයේ සමාරම්භක උලෙළ ඊයේ (20) රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අයුරින් කටාර් රාජ්‍යයේ දී නිල වශයෙන් ආරම්භ වූ අතර, පළමු තරගය පැවැත්වුණේ කටාර් රාජ්‍යය සමගින් ඉක්වදෝරය අතරයි.
එහිදී ගෝල 2-0 ක් ලෙස කටාර් රාජ්‍යය පරදා සිය ලෝක කුසලානයේ පළමු ජය ලබා ගැනීමට ඉක්වදෝරය සමත් වුණා.
මේ අතර අද දිනයේ දී A කාණ්ඩයෙන් පස්වරු 6.30ට තරග වදින්නේ එංගලන්ත කණ්ඩායම සමගින් ඉරානයයි.සෙනගල් සහ නෙදර්ලන්තය අතර B කාණ්ඩයෙන් ද අද රාත්‍රී 9.30ට තරගයක් පැවැත්වෙනු ඇති.