ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

  ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් දෙදෙනා අතරින් අයෙක් බදුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වී තිබෙනවා. අනෙක් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Read More

මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

  කොළඹ උතුර අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් මෝදර සහ කළුබෝවිල ප්‍රදේශවල ඊයේ සිදුකල වැටලීමකදී මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ 47 හැවිරිදි සැකකරු මත්කරල් 4800ක් ලග තබාගෙන සිටියදි මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි ඔහුගේ නිවසේ තිබි තවත් මත් කරල් 73870ක් සොයා ගැණුනා.එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්ක කර…

Read More

පදවිය වැව් බැම්ම හෑරූ පුද්ගලයින් සිව් දෙනෙකු STF අත්අඩංගුවට

  පෞරාණික වස්තූන් සෙවීමේ අදහසින් පදවිය වැව් බැම්ම පාමුල විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. එහි දී දීර්ඝ කාලයක් තිස්සේ වැව් බැම්ම විනාශ කරමින් කැණිම් සිදු කරමින් සිටි වයස අවුරුදු 41, 39, 37, 29…

Read More

සිඩ්නි නුවර පොලිස් පොතේ ලියන්න පැමිණි ධනිෂ්ක ගුණතිලක

  පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දනිශ්ක ගුණතිලක ඇප ලැබීමෙන් පසුව අද(22) පළමුවරට සිඩ්නි නුවර පොලිස් ස්ථානයක් ඉදිරිපිට දී දැක ගන්නට ලැබුණා. ඒ ඔහුගේ ඇප කොන්දේසි යටතේ පොලිසියට වාර්තා කිරීමට පැමිණි…

Read More

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

  2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවූ අතර අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීම දෙසැම්බර් 08 වනදා පැවැත්වෙනවා.

Read More

ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක්

  ලබන වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ අනුව රියදුරෙක් විසින් මහාමාර්ගයේදී යම් වරදක් සිදුකළ හොත් දඩකොළයක් ලබාදීම මෙන්ම ඔහුට හිමි ලකුණු ප්‍රමාණයද අඩු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එසේ ලකුණු 24 ක් දක්වා ලකුණු කැපුණු පසු නැවතත් අලුත්…

Read More

කුඩා ළමයින් අතර වෛරස් උණක්

  කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ පෙනහලු ආශ්‍රිත ව දරුවන්ට පවතින රෝගී තත්ත්වයේද ඉහළ යාමක් දක්නට ලැබෙන බව යි.

Read More

ලබන මාසයේ සිට QR ක්‍රමය අවසන්ද?

  එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR…

Read More

විදේශිකයන් 3,000ක් රැගත් මඟී නෞකාවක් දිවයිනට

  එළඹෙන 28 වනදා විදේශිකයන් 3,000ක් රැගත් තවත් මගී නෞකාවක් කොළඹ වරායට පැමිණිමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ඊයේ (21) පැවති අයවැය විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Read More

පීඩන අවපාතය ඉන්දියාවට

  නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E)හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා…

Read More
Back To Top