පීඩන අවපාතය ඉන්දියාවට

 

නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E)හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මෙම පද්ධතිය ඉදිරි පැය 12තුළ, ක්‍රමයෙන් දුර්වල වීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top