මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

 

කොළඹ උතුර අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් මෝදර සහ කළුබෝවිල ප්‍රදේශවල ඊයේ සිදුකල වැටලීමකදී මත්කරල් 78,670ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ 47 හැවිරිදි සැකකරු මත්කරල් 4800ක් ලග තබාගෙන සිටියදි මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි ඔහුගේ නිවසේ තිබි තවත් මත් කරල් 73870ක් සොයා ගැණුනා.එමෙන්ම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්ක කර මත් පෙති ජාවරමේ නිරත වු පුද්ගලයෙකු මත්පෙති 350ක් සහ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 36 හැවිරිදි රත්මලේ ජනපදයේ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මැදවච්චිය ඔසුහලකින් රුපියල් 40,000ක් වටිනා මත් පෙති කාඩ් 35ක් මිලදි පලායමින් සිටියදි සිදුකල වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර, පාසල් සිසුන් ඉලක්ක කර හෙරොයින් ජාවාරම සිදුකළ දෙදෙනෙක් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි බුලත්කොහුපිටිය නගරාසන්නයේදි ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, සීතාවක කොට්ඨාශ බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුවයි. 42 සහ 44 වන වයස්වල පසුවන සැකකරුවන් කොළඹ සහ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිසුන් ඉලක්කර කර හෙරොයින් ජාවරම සිදුකර තිබෙනවා.

මේ අතර, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම සහ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙසයි එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top