ලබන මාසයේ සිට QR ක්‍රමය අවසන්ද?

 

එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR ක්‍රමය පූර්ණ ඉන්ධන අවශ්‍යතාවය සපුරාගැනීමට හැකිවන තාක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top