චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ තරඟ තහනමක්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව චාමික කරුණාරත්න විසින් ඒ හා සමාන වරදක් යළිත් සිදුකළ හොත් මෙම දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතර අත්හිටවූ තරඟ තහනමට අමතරව චාමික කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top