
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (25) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
2023 අයවැය යෝජනාවට අනුව දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වීසා ගාස්තු සහ අනෙකුත් ආගමන විගමන සේවා ගාස්තු ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටිනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා කියා සිටින්නේ, ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2000ක් දක්වා සංශෝධනය…
ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස රෝග කිහිපයක්ම මේ දිනවල පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් සෞඛ්‍ය පුරුදු පිළිපදින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි.
රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෘජුවම රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබාගැනීමට අවධානය යොමුව ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ…
දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ. රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි. මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.
චීනයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඩීසල් තොගයක් රැගත් “සුපර් ඊස්ටන්” නෞකාව මෙරටට පැමිණීම සඳහා සිංගප්පූරුවෙන් පිටත් වූ බව චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව එම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙන හෙට (26) දිනයේ මෙරටට ළඟා වන බවයි සඳහන් වන්නේ. මෙරට ගොවීන් හා ධීවරයින් සඳහා එම ඩීසල් චීනය විසින් පරිත්‍යාග කර තිබෙනවා.
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද (25) ආරම්භ වනවා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඉන්ධන මිල දී ගැනීමේ දී මුදල් වෙනුවට රත්‍රංවලින් ගෙවීම් සිදු කිරීමට ඝානාව තීරණය කර තිබෙනවා. ඒ, පහත වැටෙන ඔවුන්ගේ ඩොලර් සංචිතය ඉතිරි කරගැනීමේ අරමුණින්. ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවයි ඝානා උපජනාධිපති මහමුදු බවුමියා සඳහන් කළේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන…
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද (25) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) නම් කළා.