ඝානාව රත්‍රංවලින් ඉන්ධන මිල දී ගනියි

 

ඉන්ධන මිල දී ගැනීමේ දී මුදල් වෙනුවට රත්‍රංවලින් ගෙවීම් සිදු කිරීමට ඝානාව තීරණය කර තිබෙනවා. ඒ, පහත වැටෙන ඔවුන්ගේ ඩොලර් සංචිතය ඉතිරි කරගැනීමේ අරමුණින්. ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවයි ඝානා උපජනාධිපති මහමුදු බවුමියා සඳහන් කළේ. පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.6ක් දක්වා පහත වැටීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top