ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව, අද අළුයම වාරියපොල, මහකෙලිය වත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 200යි මිලි ග්රෑම් 500ක් සමඟ සැකකාරියක් පොලිසිය අත්ඩංගුවට ගෙන තිබුණා.මහකෙලිය වත්ත ප්‍රදේශයේ පදිංචි එම සැකකාරිය වයස අවුරුදු 34ක අයෙක්.මේ අතර ගම්පහ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී හෙරෝයින් ග්රෑම් 13යි මිලි ග්රෑම් 260ක් සමඟ සැකකරුවෙකු ඊයේ(27) දිනයේ දී ගම්පහ පොලිසිය අත්ඩංගුවට ගෙන තිබෙනවා.අත්ඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.එමෙන්ම, ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් ගම්පහ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරෝයින් ග්රෑම් 03යි මිලි ග්රෑම් 490ක් සමඟ සැකකරුවෙකු ඊයේ(27) දිනයේ දී සිය භාරයට ගෙන තිබෙනවා.පසුව එම සැකකරු ගම්පහ පොලිසිය වෙත භාර දී ඇති අතර ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු වයස අවුරුදු 36ක පුද්ගලයෙක්.තවද, වව්නියා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරතට අනුව පුවරසන්කුලම් ප්‍රදේශයේ දී මත් කරල් 539ක් සමඟ සැකකරුවෙකු ඊයේ(27) දිනයේ දී සිය භාරයට ගෙන තිබෙනවා.පසුව එම සැකකරු පුවරසන්කුලම් පොලිසිය වෙත භාර දී ඇති අතර ඔහු වයස අවුරුදු 33ක වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.