ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදීත් සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
මේ වනවිටත් කිසිඳු හිඟයකින් තොරව ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම ධීවර ජනතාව රැඳී සිටින ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වලට භූමිතෙල් බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඇනවුම් සිදුකරන සියලු ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය භූමිතෙල් තොග මේ වනවිට බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.