හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.