අනවසරෙන් මැණික් ගැරු පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට

 

බගවන්තලාව චැපල්ටන් සහ කොටියාගල වතුයායේ දී බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරු පුද්ගලයන් 07දෙනෙකු අද (29) දින පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිසියම් පිරිසක් විසින් බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.එම

අවස්ථාවේ දී සැකකරුවන් විසින් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන්.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, සැකකරුවන් ඇප මත මුදා හැරි බවත්, ඔවුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේනෛතික පියවර ගැනිමට පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top