අන්තර්ජාලය ඔස්සේ කෝටියකට වැඩි මුදලක් වංචා කළ අටදෙනෙකු අත්අඩංගුවට

 

පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුම් දෙකකට අන්තර්ජාලය ඔස්සේ අනවසරයෙන් ප්‍රවේශ වී රුපියල් එක්කෝටි 37 ලක්ෂ 65,000 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාද්දුව, පිළියන්දල, බණ්ඩාරවෙල සහ ගාල්ල යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුවයි.

සැකකරුවන් වයස අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන ගාල්ල, වැලිගම, රත්ගම, වාද්දුව සහ පට්ටියගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top