උසස් පෙළ සිසුන්ගේ පැමිණීම ගැන ගත් තීරණයක්

 

පසුගිය කාලයේ මතු වූ විවිධ පොදු හේතුන් මත පාසල් පැමිණීමට අපහසු වූ උසස් පෙළ සිසුන්ට යම් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (28) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2023 වර්ෂයේ සිට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බවය.

කෙසේ වෙතත් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු යම් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“මම මේ පිළිබඳව අධ්‍යාපන ඇමතිගේ අවධානය යොමුකරවනවා. 80% පැමිණීම අනිවාර්ය කර ඇත්තේ විෂය නිර්දේශ ආවරණය කිරීමට පාසලට සිසුන් ගෙන්වා ගැනීම සඳහායි. නමුත් පසුගිය කාලයේ විවිධ හේතූන් මත අරගල පැවති කාලයේ දී, උද්ඝෝෂණ පැවති කාලයේ දී, ප්‍රවාහන අපහසුතා සහ කොවිඩ් 19 යන ආදි කරුණු මත නියමිත ආකාරයට පාසල් පැමිණීමට අසීරු වෙච්ච සිසුන් පිළිබඳ විශේෂ සහනදායි වැඩපිළිවෙලක් සැකසිය යුතු බව අප අධ්‍යාපන ඇමතිතුමාට දැනුම්දෙනවා. එතුමා එයට සාධනීය පිළිතුරක් ලබාදෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top