යාත්‍රා 5ක් සමග ඉන්දීය ධීවරයින් 24 ක් උතුරු මුහුදේ දී අත්අඩංගුවට

 

උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සමග යාත්‍රා 5ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ යාපනය, කරෙයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ දී මොවුන් සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගැණුනු ධීවරයින් 24 දෙනා සහ යාත්‍රා කන්කසන්තරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය – මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top