“Mein Schiff 5” නමැති අධි සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.
සංචාරකයින් 2,000කට අධික පිරිසක් එම නෞකාවෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
එම සංචාරකයින් පිරිස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක සංචාරයේ නිරත වන අතර විනෝදාත්මක ක්රියාකාරකම් රැසකට ද ඔවුන් සහභාගී වන බව සඳහන්ය.
අනතුරුව අදාළ සංචාරකයින් දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර පසුව “ශිෆ් ෆයිව්” නෞකාව හම්බන්තොට වරායට යාත්රා කිරීමට නියමිතය.